පාසලේ අනන්‍යතාවය ආදර්ශ පාඨය "අසමු, දරමු, හැසිරෙමු" දැක්ම උත්සාහයෙන් හා ක්‍රියාකාරි බවෙන් යුතු ගුණ නැණ පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම. මෙහෙවර ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී සක්‍රීය ලෙස දායක විය හැකි ශාරීරික හා මානසික ශක්තියෙන් ද බුද්ධියෙන් හා දැනුමෙන් ද නිර්මනශිලි භාවයෙන් ද පිරිපුන් පරපුරක් බිහි කිරීම සඳහා නවීකරණය වූ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමයි. පාසල් ලාංඡනය පාසල් ධජය පාසල් ගීය පාසලේ නිල ඇඳුම ප්‍රාථමික අංශය ශිෂ්‍යාවන් කුඩා රැළි සුදු ගවූම, ටයි පටිය, සුදු සපත්තු, මේස්ශිෂ්යයින් සුදු අත්කොට කමිසය, නිල් කොට කලිසම, කළු සපත්තු, මේස්. ද්විතියික අංශය ශිෂ්‍යාවන් කුඩා රැළි සුදු ගවූම, ටයි පටිය, සුදු සපත්තු, මේස්ශිෂ්යයින් සුදු අත්කොට කමිසය, සුදු දිග කලිසම, කළු සපත්තු, මේස්.