විදුහල්පති තුමාගේ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ බදුල්ල සිංහ සමාජය හා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය එක්ව කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන 2023/12/16 වන දින අප විද්‍යාලීය භූමියේදී පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ අප විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් හට පාසල් නිල ඇඳුම් ලබා දුන් අතර 06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් හට අභ්‍යාස පොත් නොමිලේ බෙදා දුනි. මීට අමතරව අප පාසල සඳහා අඩුපාඩුව පවතින ක්‍රීඩා භාණ්ඩ, එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, සනීපාරක්ෂක නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රථමාධාර කට්ටල ලබා දුන් අතර සහෝදර පාසල් සඳහාද සනීපාරක්ෂක නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රථමාධාර කට්ටල ලබා දෙන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාර රැසක් එදින විද්‍යාලීය භූමියේදී සිදු කෙරිණි.
මෙම උදාරතර සමාජ සත්කාරය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් බදුල්ල සිංහ සමාජය හා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය සභාපති තුමන්ලා ඇතුළු සියලු සිංහ සාමාජික සාමජිකාවන්ටද, පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සැමටද, පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු සියලු දූ දරුවන්ට ද දෙමාපියන්ට හා නන් අයුරින් සහයෝගය දුන් සැමට විදුහල්පති තුමාගේ පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමි.