මෙවර අප විද්‍යාලයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට හා ත්‍රිකුණාමලයේ දී පැවති සමස්ත ලංකා පාසල් ජූඩෝ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අමාශි කාව්‍යා දියණිය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වූනු අතර එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විද්‍යාලීය ගුරු භවතුන් විසින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශේෂ ත්‍යාගයන් ද ප්‍රධානය කරන ලදී.
දරුවන්ගේ මෙම ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් විදුහල්පතිතුමා, උසස් පෙළ විෂයන් ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්, ක්‍රීඩා භාර ගුරුභවතුන් ඇතුළු පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත විශේෂ ස්තූතිය පුදකර සිටිමි.










